පත් වූ අලුත වෙනස්කම් එපා !

පත් වූ අලුත වෙනස්කම් එපා !

බලය, උරුමයෙන් ලබා ගැනීම එය දිනා ගැනීමට වඩා පහසුය. එහෙත් බලය නමැති විදුලි පන්දම අතින් අතට මාරු කිරීම පුදුම සහගත ලෙස දුෂ්කරය.

‘කුමාරයා’ කෘතියේ පළමු භාගය බලය අත්කරගත යුතු ආකාරය හා එය දරා සිටිය යුතු අයුරු පැහැදිලි කිරීමට වෙන් වෙයි. වෙනත් දේවලට සාපේක්ෂව බලය දරා සිටීම අඩු දුෂ්කරතාවක් සහිත බව දෙවන පරිච්ඡේදයේදී පෙන්වා දෙයි. බලය උරුමකොටගත් සාමාන්‍ය පාලකයා ස්වභාවිකවම පක්ෂපාතීබවක් අපේක්ෂා කරයි. මැකියාවෙලි පෙන්වා දෙන්නේ ඇතැම් අරමුණු දිනා ගැනීමේදී ඇති වන ගැටලු ඊට අතිරේක වශයෙන් බලපවත්වන ඒවා බවයි. ඔබ ද එවැනි උරුමයක් ලද්දේ නම්, අලුතෙන් හඳුනාගන්නා ලද බලපෑම්වලට තර්ජනයක් එල්ල කිරීම පහසුය.

පවුලේ ව්‍යාපාර වැඩිහිටි හා බාල පරම්පරා අතර පරතරය අවම කර ගැනීම පිළිබඳ අඛණ්ඩ අරගලයක යෙදී සිටී. බලය උරුම කරගැනීම නමැති සාධකය සලකන විට, අලුත් පරම්පරාවේ කළමනාකරුවෝ පොදු අගනාකම්, පක්ෂපාතීත්වය, ස්ථාවරත්වය, දැඩි කැපවීම, ව්‍යාපාරය පිළිබඳ දැනුම හා දීර්ඝ කාලීන සැලසුම්කරණය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගනිති. එහෙත් එක්සත් රාජධානියේ ව්‍යාපාර වලින් 60%ක්ම පවුල් හිමිකාරිත්වය යටතේ ඇති සමාගම්ය. ඒ අතරින් ඊළඟ පරම්පරාවට පැවරෙන්නේ 25%ක් පමණි. පවුල් ව්‍යාපාර 17 ටත් අඩු ප්‍රමාණයක් හිමිකාරිත්‍වයේ වෙනසකින් තොරවම තුන්වැනි පරම්පරාවේ කළමනාකාරිත්වය අතට පත්වෙයි.

කුමාරයකු සතු වන රාජකීයත්වයේ උරුමය, වාසනාව බව මැකියාවෙලි දක්වයි. මන්දයත් අහිතකර සාධකවලට වඩා හිතකර කාරණා ඔහුට ඇති බැවිනි. නමුත්, බොහෝ කුමාරවරුන් සම්බන්ධයෙන් උද්ගතවන ගැටලුව සාමාන්‍යයෙන් ඔවුන් අතට බලය ලැබෙන්නේ ජනතාවගෙන් නොවීමයි. එය ඔවුන් අතට යන්නේ දැනටමත් සිටින පාලකයාගෙනි. සැලසුම්කරණයේදී හමුවන ගැටලු අහඹු ලෙස තෝරාගනිමින් ලැයිස්තුගත කළ විට බලය අත්හැරීමේදී, මරණයට ඇති බිය, පුද්ගල අනන්‍යතාවට එල්ලවන තර්ජනය, සැලසුම්කරණයට එරෙහි පක්ෂපාතීත්වය, ඊර්ෂ්‍යාව, හිමිකම් පැවරීම සඳහා සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීමට ඇති නොහැකියාව වැනි කාරණා ගණනාවක්ම ඒ අතර තිබේ.

වැඩබිමේදී ඔබ අත්දැකීමෙන් දැන ගන්නා පරිදි නව කළමනාකාරිත්වයක් යටතට ව්‍යාපාර පත්වූ විට නව කළමනාකරුවන්ගේ පළමු කාර්යයක් වන්නේ සෑම දෙයක්ම වෙනස් කිරීමයි. ඔවුහු ඊට කැමැති වෙති. එහෙත් මේ වෙනසට එරෙහිව ‘කුමාරයා’ උපදෙස් දෙන්නේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඕනෑවට වඩා සහ ඕනෑවටත් වඩා ඉක්මනින් වෙනස්කම්වලට නොයන ලෙසයි. මකියාවෙලි ‘ඕනෑම වෙනසක්’ සිදුකිරීමට පෙර අවධානය යොමු කළ යුතු යැයි උපදෙස් දෙන්නේ, තවදුරටත් ගොඩනැඟීමට හැකිවන පරිදි මුල්ගලක් වැනි යමක් තබා යන ලෙසයි. ඒ ආරම්භය වැදගත්ය.

සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගත හැකිය. මූලිකව එය විශ්වාසයේ බැම්මයි. දැන් සිටින පාලකයාට නික්මයාමට අවශ්‍යව තිබේ නම්, ඔහුගේ තැනට නව කුමාරයකු පැමිණීමට සූදානම් විය යුතුය. එහිදී ගොඩනඟා තිබූ බල කඳවුර අස්ථාවර නොකිරීමට කුමාරයා වගබලාගත යුතුය. අයහපත් දේවල් සමඟ සියලු හොඳ දේවල් ද බැහැර කිරීමෙන් වන්නේ අයහපතකි. අස්ථාවරත්වයක් ඇති කිරීමකි. කුමාරයාට එය පැවරෙන්නේ මවගෙන්, පියාගෙන් හෝ අන් අයකුගෙන් වුවද මේ කාරණා අදාළය. පවුල් ව්‍යාපාරයක ගැටලු හඳුනාගැනීමේදී ඔහු/ඇය ඒ අත්දැකීම් විමසිය යුත්තේ පවුල් දෘෂ්ටිකෝණයෙන්ම නොවේ. ඔබ ඔබේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දමා ඇත්තේ සේවා ස්ථානයේ ඔබේ ප්‍රධානියා යටතේ නම් ඔහු හෝ ඇය ඔබේ පවුලටත් වඩා ඔබට සමීපව දැනෙනු ඇත. ඔබ පිළිබඳ ප්‍රධානියාට ඇති හැඟීමද එලෙසම විය හැකිය. අප සාමාන්‍යයෙන් කතා කරන්නේ මුළුමනින්ම ධනාත්මක චරිත ගැන පමණි. ඔබ විසින්ම හුස්ම හිරකරගෙන මිය යා යුතු නැති බව ද ඔබ තේරුම් ගත යුතුය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා