ඉන්ධන මිල ඉහළට?

ඉන්ධන මිල ඉහළට?

ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු කළද ඒ සඳහා අය කෙරෙන බදු පහත නොදැමීම හේතුවෙන් සංස්ථාවට දැඩි මූල්‍ය අලාභයක් සිදුව ඇති බව ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

ගතවූ මාස කිහිපයක කාලය තුළ ඉන්ධන අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 04 කට ආසන්න අලාභයක් සිදුව ඇති බව ඛනිජතෙල් සංස්ථා ඉහළ නිලධාරියකුද තහවුරු කළේය. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21කට අධික අලාභයක්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 කට අධික අලාභයක් ද සිදුවන බව සඳහන්ය. රුපියල් 65කට අලෙවි කරන භූමිතෙල් ලීටරයකින් රුපියල් 16කට අධික අලාභයක් සිදුවන බව ඛනිජතෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා