මඩකළපු නගර සභාපතිට වෙඩි

මඩකළපු නගර සභාපතිට වෙඩි

ඊරෝස් පක්ෂයේ නායක හා මඩකළපුව මහ නගර සභාවේ සභාපති ආර්. ප්‍රභාකරන් මහතා පෙරේදා (5) රාත්‍රියේ නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත.

සභාපති බිරියත් සමඟ ඉකුත් 04 වැනිදා යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදී මේ නාඳුනන පුද්ගලයා තමා පසුපස පැමිණ වෙඩි තැබීමට උත්සාහ ගත් බවත්, එය මඟ හැර වෙනත් පාරකින් පැමිණ පොලිසියට පැමිණිලි කළ බවත් ඊරෝස් පක්ෂයේ නායක ආර්. ප්‍රභාකරන් මහතා පැවැසුවේය.

1997 වසරේ එම මහතාගේ නිවසට ආයුධකරුවන් කළ ප්‍රහාරයකින් ඔහුගේ තුන් හැවිරිදි පුතා ඝාතනයට ලක් වූ අතර, එම ප්‍රහාරයේ ඔහු සහ ඔහුගේ දියණියද බරපතළ තුවාල ලබා ඇත.

එවැනිම ප්‍රහාරයක් 2010 වසරේද එල්ල වී ඇත. 2012 වස‍ෙර් එම මහතාට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් ඔහුගේ වෑන් රථය මුළුමනින්ම විනාශ විය. එම පැමිණිල්ල පරීක්ෂණයට ගෙන ඇති බව මඩකලපුව පොලිසිය පැවසුවේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා