නිදහස් පක්‍ෂයෙන් කුරුණෑගල හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට රතු එළියක්

නිදහස් පක්‍ෂයෙන් කුරුණෑගල හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට රතු එළියක්

[2015-05-07 17:05]

කුරුණෑගලදී හෙට පැවැත්වෙන රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මීට පෙර ගෙන ඇති තීරණයට යටත් විය යුතු බව අවධාරණය කරමින් ශ්‍රීලනිපය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එසේ වුවද එම නිවේදනය අවසානයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සටහන් කර ඇතත් එහි අදාළ තනතුර හිමි පුද්ගලයාගේ අත්සනක් නැත.

මතබේදකාරී නිවේදනය පහත පරිදිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්තී නිවේදනයයි

2015 මැයි මස 5 වැනිදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර සිදුවූ සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා වූ අතර ඉදිරියේදී පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් සන්ධාන පක්ෂ සමග පැවැත්විය හැකි බවටත් සාකච්ඡාවට බඳුන් විය

තවද මැයි මස 08 වැනිදින කුරුණෑගල පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීමේ සංවිධාන කටයුතු අවසන් වී ඇති බැවින් විරෝධාකල්පයකින් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයින් එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය විය යුතු බවත් සාකච්ඡා විය

එබැවින් මැයි 08 දින කුරුණෑගලදී හෙට පැවැත්වෙන රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මීට පෙර ගෙන ඇති තීරණයට යටත් විය යුතු බව අවධාරණය කරමු.

මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා