කොටකෙතන තීන්දුව කල් යයි

කොටකෙතන තීන්දුව කල් යයි

[2015-05-07 11:56]

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩු තීන්දුව ලබාදීම ලබන 28 වැනිදා දක්වා කල්දමා ඇත.

අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් අද පැවසීය.

2012 වසරේ ජූලි මස 19 වැනිදා කොටකෙතන ප්‍රදේශයේදී ඝාතනය සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තුන්දෙනෙකුට අධි චෝදනා ගොනු කර තිබුණි.

 

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා