හමුවෙන් තෘප්තිමත් එකඟතාවක් නැතත් සාකච්ඡා අඛණ්ඩව ඉදිරියටත්

හමුවෙන් තෘප්තිමත් එකඟතාවක් නැතත් සාකච්ඡා අඛණ්ඩව ඉදිරියටත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (6) පැවැති විශේෂ හමුව පිළිබඳ අදහස් දැක්වූ හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ කීය.

මෙහිදී තෘප්තිමත් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූවත් ශ්‍රීලනිපය වශයෙන් අඛණ්ඩව ඉදිරියට සාකච්ඡා පවත්වාගෙන යාමට සියලුදෙනා එකඟ වූවා. ඉදිරි මහ මැතිවරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටත් ශ්‍රීලනිපයේ අගමැතිවරයෙක් පත්කර ගැනීම අපේක්ෂාවයි.

හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා අදහස් දක්වමින් ඉන්න ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් ශ්‍රීලනිපයේ පක්ෂ නායකයන් සියලු දෙනා එකම වේදිකාවකට ‍ෙගන ඒම අපගේ අරමුණ යැයි පැවැසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා