බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් ප‍්‍රධාන පක්‍ෂ දෙකටම බහුතරය අහිමිවන ලකුණු

බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් ප‍්‍රධාන පක්‍ෂ දෙකටම බහුතරය අහිමිවන ලකුණු

[2015-05-07 14:44]

ආසන 650 ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

බ්‍රිතාන්‍යයේ 56 වෙනි පාර්ලිමේන්තුවට එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන කන්සර්වේටිව් සහ කම්කරු පක්ෂයට මහ මැතිවරණයේදී පැහැදිළි බහුතර බලයක් හිමිකරගැනීමට අවස්ථාවක් හිමි නොවන බව ජනමත සමීක්ෂණවලින් අනාවරණ වී ඇත.

ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකටම සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 35% බැගින් හිමිවනු ඇති බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී පාලක කන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඩේවිඩ් කැමරන් ඉදිරිපත්ව සිටින අතර එඩී මිලිබෑන්ඩ් කම්කරු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා