එජාපයට සල්ලි හොයන්න කොටි හිතවාදීන් සමඟ රනිල් අමෙරිකාවේ සාකච්ඡා

එජාපයට සල්ලි හොයන්න කොටි හිතවාදීන් සමඟ රනිල් අමෙරිකාවේ සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළේ කටයුතුවල‍ට මුදල් තර කර ගැනීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ වෝටර් ගේට් හෝටලයේ දී අමෙරිකානු සෙනට් සභික ජොන් මැකේන් මහතා හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයන් අද(10) හමුවීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.‍

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු විශ්වවිද්‍යාලයක දේශනයක් පැවැත්වීමට යන බවය.  මෙයට අමතරව ඔහුගේ බිරිය ද තම උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා පර්යේෂණ කාර්යක් සඳහා එහි ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට හා එල්.ටී.ටී.ඊ සංවිධානය යළි පන්ගැන්වීමට ආධාර අනුබල දෙන පිරිස් ද මෙම රාජ්‍ය නොවන සංවිධානවල සිටී. එම පක්ෂයේ නායකයන් තම වැරදි වසා ගැනීමට මාධ්‍ය මගින් විවිධ උපක්‍රම යෙදුව ද මෙවැනි කාර්යන් නිසා එක්සත් ජාතික පක්ෂයේ සැබෑ හෙළුව ලොව හමුවේ ද හෙළිවී ඇතැයි අමෙරිකාවේ පදිංචි රටට හිතෛෂි ශ්‍රී ලාංකිකයෝ පෙන්වා දෙති.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා