කෝපයට පත් මගීහු පොල්ගහවෙල කළඹති

කෝපයට පත් මගීහු පොල්ගහවෙල කළඹති

දුම්රිය ප්‍රමාදය පිළිබඳව කෝපයට පත් මගීහු පෙරේදා ( 8) සවස පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බැස දුම්රිය ස්ථානාධිපති කාර්යාලයටද කඩාවැදී කෑකෝ ගසමින් කලබලයක් සිදු කළ අතර ඊයේ උදේ එම දුම්රිය ස්ථානයේදීම මහව දුම්රියේ රියැදුරාට පහර දීමට තැත්කර තිබේ.

පෙරේදා ( 8 ) සවස 5ට කොළඹින් පිටත්ව කුරුණෑගල දක්වා ධාවනය කෙරුණු කාර්යාල දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී එම දුම්රියේ ප්‍රධාන විදුලි ලාම්පුවඅක්‍රීය වීම නිසා එම දුම්රිය පොල්ගහවෙලින් එහාට ධාවනයකිරීමට නොහැකි වීම හේතුවෙන් කෝපයට පත් මගීහු දුම්රියෙන් බැස කෑ කෝ ගහමින් දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ද කඩා වැදී මහත් කලබලයක් සිදු කළ බව පොල්ගහවෙල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.

කලබලය නවත්වා ගැනීම සඳහා පොලිසිය ගෙන්වා ගැනීම‍ට සිදුවූ බව ස්ථානාධිපතිවරයා පැවසීය. ධාවනය අත්හිටවූ දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් කුරුණෑගල දක්වා ධාවනයට යෙදවූ බවද ඔහු සඳහන් කළේය. ඊට අමතරව ඊයේ උදේ මහව දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදි එම දුම්රියේ මගීහු දුම්රිය රියැදුරාට පහර දීමට තැත්කර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා