ගාල්ල නගර අලංකාරයට හානි

ගාල්ල නගර අලංකාරයට හානි

පසුගිය වසරේ ගාල්ලේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සමුළුව නිමිත්තෙන් ගාල්ල නගරය අලංකාරය කිරීම සඳහා ගාල්ල කොටුවේ සිට කලුවැල්ල දක්වා තබා තිබූ මල්පෝච්චි විශාල ප්‍රමාණයකට මේ වනවිට හානි සිදුකර ඇතැයි ගාල්ල වැඩබලන නගරාධිපති කැලුම් සෙනවිරත්න මහතා කීය.

නගරයේ අලංකාරය නොඉවසන කිසියම් පිරිසක් විසින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව කර ඇතැයි සඳහන් කළ ඒ මහතා මේ පිළිබද ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇතැයිද කීය.

මේ පෝච්චිවල තබා තිබූ මල්පැල සහ විසිතුරු පැල ගලවා විනාශ කර ඇති කිසියම් පිරිසක් මල්පෝච්චි රැසකටද අලාභ කර ඇතැයි ද සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා