ඉඩම් හිමිකම් පනත සංශෝධනයට පෙර අදහස් විමසීමට යයි

ඉඩම් හිමිකම් පනත සංශෝධනයට පෙර අදහස් විමසීමට යයි

ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිනමිණට පැවැසීය.

ඒ අනුව ඉදිරියේදී දියවඩන නිලමේ ඇතුළු දේවාලවල බස්නායක නිලමේවරුන් සාකච්ඡාවක් සඳහා කැඳවීමට නියමිතව ඇතැයි ද කීය. ඉඩම් අමාත්‍යාංශය මඟින් බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විහාර දේවාල හා බෞද්ධ සිද්ධස්ථානවල ඉඩම් අයිතිය ආරක්ෂා කර ‍තහවුරු වන පරිදි සහන සංශෝධනය කිරීම අමාත්‍යාංශ‍ය පියවර ගෙන ඇතැයිද කීවේය.

කෙසේ වෙතත් ඉඩම්වල නීත්‍යානුකූල භාවය තහවුරු කර ගැනීමට නොහැකි කිසිදු විහාරස්ථානයකට දේවාලයකට ඉඩම්වල හිමිකම් ලබා නොදීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් පනත සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් දිනමිණට පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා