හීනෙන් කියූ නිධානයක් ගන්න කුස්සියේ වළක් කපලා

හීනෙන් කියූ නිධානයක් ගන්න කුස්සියේ වළක් කපලා

මියගිය සැමියා සිහිනයෙන් පැවසු නිධානයක් ගැනීම සදහා පදිංචිව සිටි නිවසේ නිධන් හෑරූ බවට චෝදනා ලැබ සැකපිට එම නිවස හිමි කාන්තාව සහ තවත් පුද්ගලයකු අනුරාධපුර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේම අඩි 04 ක් පමණ දිග අඩි 03 ක් පමණ පළල කොටුවක ආකාරයට වළ අඩි 15 ක් ගැඹුරට හාරා තිබුණු අතර එහි දෝණාව හැඩයට හාරා තිබුණු කොටසේ අඩි 05ක් පමණ කොටසක් ජලයෙන් පිරී තිබුණි.

එයට එක්කාසු වු ජලය නිවසේ තිබු බේසම් හා බාල්දිවලට පුරවා තිබුණි.

කැණීම සිදුකර ගොඩට ගත් පස් කියුබ් 03ක් පමණ මුලුතැන් ගෙයි ගොඩ ගසා තිබුණි. මියගිය සැමියා විසින් මීට සති කිහිපයකට ඉහතදී බිරිය නිදා සිටියදී සිහිනයෙන් පැමිණ නිවසේ මුලුතැන් ගෙය අසල රත්ත්‍රං පෙට්ටියක් තිබෙන බව පවසා ඇත.

ඒ අනුව ගෙහෙමි කාන්තාවත් ඇය කිට්ටුවෙන් ආශ්‍රය කරන පුද්ගලයාත් සමග සති දෙකකට පමණ වැඩි කාලයක් මේ කැණීම සිදුකර ඇති බව පොලීසිය සදහන් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා