ශ්‍රී ලංකන් කොළඹ සිට චීනයේ චොංකින් වෙත ගමන් අරඹයි

ශ්‍රී ලංකන් කොළඹ සිට චීනයේ චොංකින් වෙත ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ජුලි මස 1 වැනිදා සිට ශ්‍රී ලංකන් ගුවන් යානා චොංකින් වෙත මෙහෙයුම් සිදු කරන අතර එය නැවත පැමිණීමේදී බැංකොක් හරහා කොළඹට ළඟාවීමට නියමිතය.

ඒ සඳහා වන ගිවිසුම පසුගිය (08) දා චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අස්සන් කිරීම සිදු කෙරිණි.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ෂැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියකදී ගුවන් ගමන් 15ක් සිදු කරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රි ලංකන් ගුවන් යානා පියාසර කිරීමද සිදු වනු ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා