තලාව මහජන බැංකු පරිශ්‍රය ජනාධිපති අතින් ජනතා අයිතියට

තලාව මහජන බැංකු පරිශ්‍රය ජනාධිපති අතින් ජනතා අයිතියට

මහජන බැංකුවෙන් සේවා ලබා ගන්නා රජරට ජනතාවට වඩාත් පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකෙරුණු අනුරාධපුර තලාව මහජන බැංකු පරිශ්‍රය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ ‍ජනතා අයිතියට පැවරිණි.

තලාව හා ඒ අවට ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් නවීන තාක්ෂණයෙන් සහ පුළුල් පහසුකම් සහිතව ඉදි කැර ඇති නව මහජන බැංකු පරිශ්‍රය සඳහා වැය කැර ඇති මුදල රුපියල් මිලියන 40 කි.

එම පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කැර බැංකු පරිශ්‍රය ජනතා අයිතියට පවරා දුන්නේය. බැංකුවේ ප්‍රථම තැන්පතුව ජනාධිපතිතුමාගේ අතින් පිළිගැනිණි. ජනාධිපතිතුමා දැකගන්නටත් කතා බහ කරන්නටත් අතිවිශාල ජනකායක් තලාව නගරය වෙත රැස්ව සිටිනු දක්නට ලැබිණි.

රුවන්වැලි චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන්, විශේෂ ව්‍යාපෘති ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මහජන බැංකුවේ සභාපති ගාමිණි සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා