උතුම් වෙසක් පෝ දිනය සැණකෙළියක් නොකර ගන්න

උතුම් වෙසක් පෝ දිනය සැණකෙළියක් නොකර ගන්න

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි

වෙසක් පොහොය දින සැණකෙළියක් හෝ විනෝදාත්මක දිනයක් බවට පත් නොකර ගන්නැයි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ ප්‍රකාශ කළහ.

එම දිනයේදි ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කරන්නැයි ද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ දී ඉකුත් (7) වැනිදා පැවැති මාධ්‍ය හමුවේදි නාහිමියෝ එසේ කීහ.

ආගමික වතාවත් පාඩම් කිරීමෙන් හෝ විභාග පාස් කිරීමෙන් සිදු කළ නොහැකි බවත් එය පාරම්පරිකව පැවැත ආ හෙයින් එය ඉදිරියටත් පවත්වාගෙන යෑමට දරුවන් හුරු පුරුදු කරන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් කුසලධම්ම නාහිමියෝ කියා සිටියහ.

දන්සල් හෝ වෙනත් ආගමික වතාවත්වල යෙදීමේදි අන් අයට හිරිහැරයක් නොවන අයුරින් කටයුතු කරන්නැයි ඉල්ලා සිටී උන්වහන්සේ එසේ කිරීමෙන් වන්නේ බුදු දහමට අගෞරව කිරීමක් යැයි ද පැවැසූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා