ගොවි විශ්‍රාම වැටුප තැපැල් කාර්යාලයෙන්

ගොවි විශ්‍රාම වැටුප තැපැල් කාර්යාලයෙන්

සෑම මසකම 7වැනි දා සිට 22වැනි දා දක්වා තැපැල් කාර්යාල හරහා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම කාලසීමාවේ සිය විශ්‍රාම වැටුප් ලබා ගන්නා ලෙස ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ගෙන් ඉල්ලා සිටින බව එම මණ්ඩලය කියයි.

අදාළ කාලසීමාවේ විශ්‍රාම වැටුප් මුදල් ලබා ගැනීමට නොහැකිවුවහොත් සකස් කොට ඇති පෝරමය විධිමත් ලෙස පුරවා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත යොමු කළ යුතු බවත් ගොවි විශ්‍රාම වැටුප් නැවත ලබා ගැනීමේ පෝරමය සිය දිස්ත්‍රික් කාර්යාලවලින් ලබා ගත හැකි බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා