ගුවන් හමුදාව පරදවා ෂෙයික් රසල් දිනයි

ගුවන් හමුදාව පරදවා ෂෙයික් රසල් දිනයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම සහ බංග්ලාදේශයේ ෂෙයික් රසල් පිල අතර ඊයේ පැවැති තරගයෙන් ගෝල් 5-0ක ජයක් ෂෙයික් රසල් පිලට හිමිවිය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මේ තරගයට එක්වු ෂෙයික් රසල් පිල වෘත්තීය ක්‍රීඩකයන්ගෙන් සමන්විත වු බැවින් මුල සිටම ඉදිරියෙන් සිටියේය.

ආසියානු පාපන්දු සම්මේලන සභාපතිවරයාගේ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා මෙම තරගාවලිය රටවල් 4ක සහභාගිත්වයෙන් මේ දිනවල පැවැත්වේ.

ඊයේ තරගයේදී ගුවන් හමුදා පිල පරාජය වු බැවින් ආසියානු පාපන්දු සම්මේලන සභාපතිවරයාගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව බොහෝ දුරට ඇහිරි ගියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල භූතානයේ උග්සේන් කණ්ඩායමට එරෙහිව මුහුණදුන් පළමු තරගයේදී ගෝල් 1-0කින් ජයග්‍රහණය වාර්තා කළේය.

බංග්ලාදේශයේ ෂෙයික් රසල් පිල මුහුණදුන් පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාකළ අතර ගුවන් හමුදාවට එරෙහි තරගයේදී වැඩි ගෝල් සංඛ්‍යාවක් වාර්තා කළ බැවින් ඉදිරි වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිකරගෙන සිටී.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා