අඩු පීඩන තත්ත්වය ඉවතට විටින් විට තද වැසි සුළං

දිවයිනට බටහිර දෙසින් තිබූ අඩු පීඩන පද්ධතිය තව දුරටත් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍ර‍දේශයේ වක්‍ර බලපෑම නිසා විටින් විට මිලිමීටර් 60ක පමණතද වැසි හා තරමක් තද සුළං හට ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

විශේෂයෙන් වයඔ , බටහිර , නිරිත, මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුව අනාවරනය කර සිටී.

බස්නාහිර ,දකුණ, මධ්‍යම පළාත් වල දවසේ ඕනෑම වෙලාවක තැනින් තැන වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශ වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බැවින් අකුණු අනතුරු වලක්වා ගැනීමට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.