ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබාගනී

විදේශ ප්‍රතිපත්තියට නව මුහුණුවරක්

ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබාගනී

විදේශ ප්‍රතිපත්තියට නව මුහුණුවරක් එක් කරමින් දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබාගනී. මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පදිරි ශ්‍රී ලංකාවට එම සංගමයේ සාමාජිකත්වය හිමිව තිබෙන අතර ඒ අනුව එම සංගමයේ අප්‍රිකානු නොවන රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාවද එක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබාගත් තෙවැනි දකුණු ආසියානු රට වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වන බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය මීට පෙර පාකිස්තානය සහ ඉන්දියාව එහි සාමාජිකත්වය ලබා තිබෙන බවද එම අමාත්‍යාංශය සිහිපත් කරයි.

ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර පවතින ද්වීපාර්ශවික මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වන බවද එහි සාමාජිකත්වය ලබාදීම තුළින් ශ්‍රී ලංකාවට හවුල් සංවර්ධන ව්‍යාපෘති සඳහා සහභාගි වීමේ වැඩි අවස්ථාවක් ලැබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමඟින් අප්‍රිකානු රටවල් අතර සමාජ, ආර්ථික, දේශපාලනික, තාක්ෂණික සහ වාණිජමය සහයෝඟීතාව වැඩිදියුණු කැර ගැනීමට අවස්ථාව සැළසෙයි. මෙවැනි සම්බන්ධතා තහවුරු කැර ගැනීමට ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා අප්‍රිකානු රටවල් කිහිපයක කළ සංචාරයන් මෙන්ම අප්‍රිකානු රටවල් කිහිපයක නායකයන් ශ්‍රී ලංකාවට පැමිණීමත් හේතුවන බවද එම අමාත්‍යාංශය කියයි.

අප්‍රිකානු සංගමය අප්‍රිකානු කලාපීය සාමාජික රටවල් 54කින් සමන්විත වන අතර 1999 වසරේදී ඇරැඹි මෙය මාස හයකට වරක් රැස්වී කලාපීය වශයෙන් එක් එක් රටවලට පොදු ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. ඒකාබද්ධ සෞභාග්‍යමත් හා සාමකාමී අප්‍රිකාවක් බිහිකිරීම එම සංගමයේ අරමුණ වී තිබෙන අතර මේ තුළින් ඉදිරි අනාගතයේදී වඩා ජවසම්පන්න ඉදිරි අනාගතයක් නිර්මාණය කරගන්නට හැකියාව ලැබෙයි.

ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 54ට අප්‍රිකානු සංගමයේ රටවල් 19ක්ද අයත් වෙයි. අප්‍රිකානු සංගමයේ ප්‍රථම ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් උගන්ඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වී. කනනාදන් මහතා අප්‍රිකානු සංගමයේ සභාපතිනී ආචාර්ය එන්.ඩී සූමා මහත්මිය වෙත ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේදී අක්තපත්‍ර බාරදුන් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා