ලක්ෂ දහයක ගෘහ භාණ්ඩ සොරාගත්තැයි තිදෙනාට ඇප

ලක්ෂ දහයක ගෘහ භාණ්ඩ සොරාගත්තැයි තිදෙනාට ඇප

නිවසක සේවකයින් වශයෙන් සිට ගෙහිමියා නැති අවස්ථාවක නිවසේ තිබූ ලක්ෂ දහයක් පමණ වටිනා බඩු බාහිරාදිය සොරකම් කළ බව කියන සැකකරුවන් තිදෙනකුට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එකිනෙකාට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කරන ලදී.

රුවන් ජයතුංග, විරාජ් ක්‍රිෂ්ණකුමාර හා අබ්දුල් අසීස් මොහොමඩ් අචීන් මෙසේ ඇප ලැබූ සැකකරුවන්ය.

කොල්ලුපිටියේ පදිංචිකරුවකු වන වෛකුන්ටන් සිවකරන් නමැත්තකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණවලින් අනතුරුව සැකපිට කොල්ලුපිටිය පොලිසිය මඟින් මොවුන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.

බන්ධනාගාරයේ සිට ඊයේ (08) මොවුන් යළිත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදර්ශනී වෙල්ලාලගේ මහත්මිය අධිකරණය වෙත කරුණු දක්වමින් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. නීතිඥ මහත්මියගේ එම ඉල්ලීම ගැන සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඉහත කී ලෙස ඇප නියම කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා