අටපිරිකරවලට නව සංශෝධිත ප්‍රමිතියක්

අටපිරිකරවලට නව සංශෝධිත ප්‍රමිතියක්

භික්ෂූන් වහන්සේලාට පූජා කරන අටපිරිකරවලට නව සංශෝධිත ප්‍රමිතියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තීරණය කොට තිබේ. මෙම නව සංශෝධන ප්‍රමිතියට අනුව භික්ෂූන් වහන්සේලාගේ තනිපට සිවුර, දෙපට සිවුර හා අඳන සිවුර සඳහා භාවිත කරන රෙද්දේ තිබිය යුතු දිග හා උස, වර්ණය හා නිමාව ආදිය සඳහා ප්‍රමිති සකස් වන බව එම ආයතනය පවසයි.

ඉකුත් දිනවල කූට ව්‍යාපාරිකයන් විසින් ප්‍රමිතියකින් තොරව අටපිරිකර නිෂ්පාදනය කොට විකිණීමත් ඒ සම්බන්ධව බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් ප්‍රමිතීන් නැවත සංශෝධනයට පියවර ගත් බව ප්‍රමිති ආයතනය පවසයි.

අටපිරිකර සඳහා නව සංශෝධිත ප්‍රමිතීන් සකස් කිරීමෙන් පසුව අටපිරිකර නිෂ්පාදනය කරනු ලබන ස්ථාන පරීක්ෂා කොට ඒවා නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන්නේ දැයි සොයාබලා බෞද්ධ කටයුතු අමාත්‍යාංශය මගින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද එම ආයතනය ප්‍රකාශ කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා