ආරක්ෂක සේවා විද්‍යාලයේ සිද්ධිය ගැන සොයා බලන්න

ආරක්ෂක සේවා විද්‍යාලයේ සිද්ධිය ගැන සොයා බලන්න

-අධ්‍යාපන ඇමැතිගෙන් නිලධාරින්ට උපදෙස්

කොම්පඤ්ඤවීදිය ආරක්ෂක සේවා විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

මේ අනුව හෙට (06) අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසක් ආරක්ෂක සේවා විද්‍යාලයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලනු ඇත.

කොම්පඤ්ඤවීදිය ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එහි පාලන අධිකාරිය භාරව සිටි බි‍ගේඩියර්වරයෙකු පරුෂ වචනයෙන් බැන වැදුණු බවට චෝදනා කරමින් එම විද්‍යාලයේ ගුරුවරුන් පසුගියදා (02) දහවල් එම පාසල ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය.

විරෝධතාවේ නිරතවූවන් එම විද්‍යාලය තුළ සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් කිහිප දෙනෙකුද හමුවු අතර එහිදී ඇති වූ සංවාදයේදී අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීමට එකඟතාවකට පැමිණ ඇත.

විරෝධතාවේ නිරත වූ පිරිස කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ගොනු කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා