ජනාධිපති බලතල අනුව සන්නසකින් වෙනත් පාර්ශ්වයකට අලි ඇතුන් ලබා දෙන්න බෑ

 ජනාධිපති බලතල අනුව සන්නසකින් වෙනත් පාර්ශ්වයකට අලි ඇතුන් ලබා දෙන්න බෑ

එය ව්‍යවස්ථා විරෝධී යැයි ඇමැති වසන්ත සේනානායක අවධාරණය කරයි

ජනාධිපති බලතල අනුව සන්නසකින් හෝ වෙනත් පාර්ශ්වයකට අලි ඇතුන් ලබාදීම ව්‍යවස්ථා විරෝධී බව සංචාරක නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක පවසයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.

එලෙස දෙපාර්තමේන්තුවට බාරගනු ලබන අලි ඇතුන් කවුරුන් හෝ යළි ඉල්ලීම් කර අයැදුම් පත් යොමු කළහොත් ඔවුන් නැවත ලබා දෙනවදා ද නැද්ද යන්න පිළිබද තීරණයක් ගෙන නොමැති බව සේනානායක මහතා කියා සිටියේය. ජනාධිපතිවරුන්ට සන්නසකින් පරිත්‍යාග කළ හැක්කේ චංචල නොවූ නිශ්චල දේපොළ බවත් අලි ඇතුන් වැනි නිශ්චල දේපොළ නොවන බවත් ඒ මහතා අවධාරණය කෙළේය.

මෙරට සංස්කෘති උළෙලවල් සඳහා අලි ඇතුන් යොදාගත් බවත් ඊටද නිසි වැඩපිළිවළක් ඉදිරියේදි සකස් කරන බව පැවැසු ඒ මහතා කැලෑවලට පැන අලි ඇතුන් ඇල්ලීම හා මරාදමා දළ ගැනීම් වැලැක්විමට විශේෂ වැඩසටහන් රැසක් සකස් කරමින් සිටින බව නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

අනවසරයෙන් ඇලි ඇතුන් රදවා සිටින ස්ථාන සොයා තමන් නිලධාරීන් සමඟ එක්ව දිගින් දිගටම වැටලීම් කරන බවත් කවුරුන්ගේ බලපෑම් පැමිණියද එවැනි දේට බියේ පටන්ගත් කාර්යය අතරමඟ නවතා නොදමන බවත් වසන්ත සේනානායක මහතා කීවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා