හිටපු ජනාධිපතිනියගේ චෝදනා බොදු බල සේනාව ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපතිනියගේ චෝදනා බොදු බල සේනාව ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගියදා තිහාරිය ප්‍රදේශයේ දී බොදු බල සේනා සංවිධානයට එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහි ප්‍රධාන විධායක ආචාර්ය දිලන්ත විතානගේ මහතා පැවසීය.

බොදු බල සේනා සංවිධානය නිර්මාණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නොවේ. මුස්ලිම් ජනතාවට විරුද්ධව අප සංවිධානය කිසිවිටෙකත් කටයුතු කරන්නෙ නැහැ. සියලු ජාතීන් සමගියෙන් ජීවත්විය යුතුයි කියන මතයේයි අප සිටින්නෙ. අන්තවාදයටයි අප විරුද්ධ. අලුත්ගම ප්‍රදේශයේ පසුගිය කාලයේ ඇති වූ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස වර්තමාණ රජයෙන් ද අප ඉල්ලා සිටිනවා. සිංහල බෞද්ධයා වෙනුවෙන් බොදු බල සේනා සංවිධානය කටයුතු කරන බව ද විතානගේ මහතා පැවසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා