ජාතික නිදහස් සැමරුමට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

ජාතික නිදහස් සැමරුමට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ අභිමානවත් 67 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයෝ රැසක් සිය සුබ පැතුම් එක් කරති.

ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජින මෙන්ම චීන ජනාධිපති ෂි ජින්පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු ඇතුළු නායකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිය සුබපැතුම් එක්කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙන අතර එය සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත්කර තිබීම ද විශේෂත්වයකි.

ඉන්දියා අගමැතිවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවාසී ජනතාවට මාඟේ හදපිරි නිදහස් දින සුබපතමි. ඉතිහාසය, සංස්කෘතිය හා සාරධර්ම යනාදියෙහි අප බෙදාහදා ගත් බැදීම් කිසිදින නොබිදෙන සුළුය යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් මගේ සුබපැතුම්. මේ මාසය අග දී ජනපති සිරිසේන පිළිගැනීමට මම බලා සිටිනවා.‘ යනුවෙන්ද එහි සඳහන්කර තිබේ.

මේ සඳහා බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන්කර ඇත්තේ මෙරට ජනතාවගේ සතුට හා සෞභාග්‍ය වෙනුවෙන් තමා සුබපැතුම් එක්කරන බවත් එය පිළිගැන්වීමට ලැබීම සම්බන්ධයෙන් සතුටක් ගෙනදෙන බවත්ය.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා මෙරට 67 වැනි නිදහස දිනය වෙනුවෙන් සුබපැතුම් පිරිනමා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවුඩයක් යවමින් සුබපැතුම් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාව හා චීනය සාම්ප්‍රදායික අසල්වැසියන් වන අතර, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින සහයෝගීතාව වැදගත් වන බවද එම සබඳතා ඉතාම ශක්තිමත් ලෙස පවතින බවද ඒ මහතා සිය සුබපැතුම් පණිවුඩය මඟින් පෙන්වා දී ඇත.

පසුගිය 2014 වසරේ සැප්තැම්බර් මාසයේ තම ශ්‍රී ලංකා සංචාරය ඉතාම සාර්ථක වූ බව පෙන්වා දී තිබෙන චීන ජනාධිපතිවරයා එහිදී දෙරටේ රජයන් සහ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණු බවද සිහිපත් කර තිබේ.

ඊට අමතරව චීනය ශ්‍රී ලංකාව සමඟ සිය සබඳතා අතිශයින් වැදගත් වන අතර ඒවා දියුණු කිරීම සඳහා දකුණු ආසියානු රටවල් සමඟ කටයුතු කිරීමට සූදානම් බවද චීන ජනාධිපතිවරයා පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා