හිටපු ජනපතිගේ සී-ෂෙල්ස් වත්කම් විශේෂ විමර්ශනයට

හිටපු ජනපතිගේ සී-ෂෙල්ස් වත්කම් විශේෂ විමර්ශනයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සී-ෂෙල්ස් රාජ්‍යයේ දූපතක් මිලදී ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් සහ එම රාජ්‍යයේ ඔවුනට අයත් වෙනත් වත්කම් තිබේද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සී-ෂෙල්ස් රාජ්‍යයේ සහයෝගය මත ශ්‍රී ලංකා රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙවන් වත්කම් පරීක්ෂාවක් සඳහා ශ්‍රී ලංකා රජය කරන ලද විධිමත් ඉල්ලීමකට අනුව එරටේ විදේශ අමාත්‍ය ජින් පොල් ඇඩම් මහතා ප්‍රතිචාර දක්වා ඇති අතර දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට අනුව වත්කම් හෙළිදරව් කළ හැකි බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණය කිරීම සඳහා ඉදිරිපත් කරන සියලුම විධිමත් ඉල්ලීම්වලට සහයෝගය ලබා දෙන බව පවසන සී-ෂෙල්ස් රාජ්‍යය ශ්‍රී ලාංකිකයින් විසින් සී-ෂෙල්ස් රාජ්‍යයේ කර තිබෙන සියලුම ආයෝජන සම්බන්ධයෙන් විධිමත් ඉල්ලීම්වලට සහයෝගය දක්වන බවය. කෙසේ වෙතත් පසුගිය රජය මගින් සී-ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කළ අතර ශ්‍රීලන්කන් සහ මිහින් ලංකා දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී.

එසේම පසුගිය වසරේදී හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා එරටේ සංචාරය කළ අතර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ද පිහිටුවනු ලැබූ අතර ශ්‍රී ලාංකිකයෝ ඉතා කුඩා ප්‍රමාණයක් එරටේ ජීවත්වෙති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා