ඉදිරි මහා මැතිවරණයේදී එජනිස අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ යි

වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවීමක් නෑ

ඉදිරි මහා මැතිවරණයේදී එජනිස අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ යි

පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල

ඉදිරි මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම වඩාත් නිවැරදි තීන්දුව බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ යනු රටේ ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක් බව පැවසූ පළාත් සභා මන්ත්‍රිවරයා ඔහු අගමැති අපේක්ෂකයා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් දැඩි ඉල්ලීමක් කළ යුතු යයිද ප්‍රකාශ කෙළේය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර ගනිමින් වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ අදහසක් නැතැයිද තමන් ඇතුළු දේශපාලනඥයන් කීප දෙනෙකුගේ උත්සාහය මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයා කිරීම යයි ද ගම්මන්පිල මහතා කීය.

වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටවුවහොත් සිදු වනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කැබැලි වලට කැඩී යාම බවද හෙතෙම දිනමිණට පැවැසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා