රජයේ විශ්‍රාමිකයන්ට රු. 3500 අන්තර් දීමනාව ලබාදෙන්න

රජයේ විශ්‍රාමිකයන්ට රු. 3500 අන්තර් දීමනාව ලබාදෙන්න

අතුරු අය-වැය විවාදයේ දී ස්ථාවරය පහදන්න

 සුනිල් හඳුන්නෙත්ති නිවේදනයක් යවයි

මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි විශ්‍රාමික රජයේ සේවකයන් හට රුපියල් 3500ක අන්තර් දීමනාව නිසි පරිදි ලබාදෙන ලෙසත් එය රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි වැටුපට ලබාදෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ දින 100 වැඩසටහනේ සඳහන් අංක 04 වගන්තිය යටතේ විශ්‍රාමිකයන්ගේ වැටුප් විසමතා ඉවත් කරනු ලබන තෙක් ඔවුන්ට රු.3500/=ක මාසික අන්තර් දීමනාවක් ලබා දෙන බවට පොරොන්දුවක් දී ඇත.

එහෙත් පසුගිය 29 දින ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් විශ්‍රාමිකයන්ගේ වැටුපට රු.1000/=ක් පමණක් ලබන අප්‍රේල් මස සිට ලබාදෙන බවට ප්‍රකාශයට පත්විය.

මේ පිළිබඳ විශ්‍රාමිකයන්ගේ සමිති සමාගම් සහ විශ්‍රාමිකයන් බොහෝ පිරිසක් අප පක්ෂය හමුවේ සිය බලවත් නොසතුට පළ කළ අතර, එම පොරොන්දුව නිසි පරිදි ඉටුකරවා දෙන ලෙස තදබල බලපෑමක් සිදුකරනු ලබයි.

අතුරු අයවැය පිළිබඳ විවාදය පවත්වන ඉදිරි පාර්ලිමේන්තු වාරයේ දී මේ පිළිබඳ ඔබගේ ස්ථාවරය ජනතාවට පැහැදිලි කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා