වසර ගණනාවකට පසු දමිළ නායකයෝත් නිදහස් උළෙලේ

වසර ගණනාවකට පසු දමිළ නායකයෝත් නිදහස් උළෙලේ

ඒකීය රටක සහජීවනය සහ සංහිඳියාවට නව අරුතක් එක්කරමින් දෙමළ ජාතික සන්ධානය ප්‍රථමවරට ඊයේ (4) හැට හත්වන ජාතික නිදහස් උළෙලට එක්විය.

දෙමළ ජාතික සන්ධානය බිහිවීමෙන් පසු ප්‍රථම වතාවට මෙරට ජාතික නිදහස් උළෙලට එහි නායකයා වශයෙන් ආර්. සම්බන්ධන් මහතා සහභාගි වීම විශේෂත්වයකි.

වසර පහක් තිස්සේ නිදහස් උළෙල වර්ජනය කරමින් සිටි ද්‍රවිඩ එක්සත් පෙරමුණ ද ඊයේ පැවති 67වැනි නිදහස් උළෙලට සහභාගි විය. එහි නායක වී. ආනන්ද සංගරී මහතා නිදහස් උළෙලට එක්වූ අතර පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදකිමින් නිදහස් උත්සවයට සහභාගි වීම 2010 වසරේ සිට එම පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබිණි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ම ජාතීන් එකා මෙන් නියෝජනය කෙරුණු නිදහස් උළෙලක් ලෙස ඊයේ පැවති 67වන නිදහස් උත්සවය ඉතිහාසයට එක්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා