බෝගම්බර දුම්බර හිරගෙදරින් සිරකරුවන් 24කට නිදහස

බෝගම්බර දුම්බර හිරගෙදරින් සිරකරුවන් 24කට නිදහස

ඊයේ (04) දිනයට යෙදී තිබූ 67 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මහනුවර පල්ලෙකැලේ බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 24 දෙනෙකුට නිදහස ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දෙන ලද විශේෂ සමාව යටතේ සුළු වැරැදි සඳහා බන්ධනාගාරගතව සිටි සිරකරුවන්ට මෙසේ නිදහස ප්‍රදානය කරන ලදී.

එම බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී සෙනරත් සේනානායක හා සහකාර අධිකාරී පූජිත රණවක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඊයේ පෙරවරුවේ මේ සිරකරුවන් නිදහස් කෙරිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා