සමෘද්ධිය කරා යන ගමනේ දී ශ්‍රී ලංකාවට අමෙරිකාවේ සහාය

සමෘද්ධිය කරා යන ගමනේ දී ශ්‍රී ලංකාවට අමෙරිකාවේ සහාය

නිශා බිස්වාල් නිවේදනයකින් කියයි

ශ්‍රී ලංකාව සාමකාමී සමෘද්ධිමත් අනාගතයක් කරා යන ගමනේදී නව රජය සමඟ කටයුතු කිරීමට අමෙරිකානු රජය කැමැත්ත පළ කළ බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු සහකාර ලේකම් නිශා බිස්වාල් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම නිවේදනය වැඩිදුරටත් මෙසේය.

ජනවාරි 8 මැතිවරණයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව විසින් ළඟා කරගත් සතුට මවිසින් දැකගැනීමට හැකිවීම සතුටකි. රජයත්, සිවිල් සමාජයත්, පෞද්ගලික අංශයත්, ‍එමෙන්ම දේශපාලන පක්ෂ සමඟත් මා කථා කළවිට මට ඇසුණේ මෙම අපේක්ෂාවන් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩා දීප්තිමත්ව සාක්ෂාත් කර ගැනීමේ නිරතුරු පණිවිඩයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත්, විදේශ ඇමැති මංගල සමරවීරත්, මුදල් ඇමැති රවී කරුණානායකත්, නාගරික සංවර්ධන ඇමැති රවුෆ් හකීම් සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන සමඟත් මවිසින් සාර්ථක සාකච්ඡා පවත්වන ලදී. ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ මාගේ කතිකාවේ දී මට දැනුනේ ශ්‍රී ලංකාවේ සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරගැනීමට ඔවුන්ගේ සංඝටකයන් සඳහා වූ අර්ථවත් ප්‍රගතියකට පළවූ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයයි.

අනෙකුත් දේශපාලන, ආගමික, සිවිල් සමාජ සහ ව්‍යාපාර ක්ෂේත්‍රවල නායකයින් සමඟද කතිකාවනට මට ඉඩ ලැබුණි. මෙම හැම අවස්ථාවක දීම ඇමරිකා - ශ්‍රී ලංකා මිත්‍රත්වය, අප දෙරටේ සුබ සිද්ධිය සඳහා තීව්‍ර කරගතයුතු බව මවිසින් අවධාරණය කරන ලදී.

ජනාධිපති සිරිසේනගේ ජයග්‍රහණය පිළිබඳ මම ඔහුට සුබ පැතූ අතර, ශ්‍රී ලංකාව සාමකාමී, සමෘද්ධිමත් අනාගතයක් කරා යන ගමනේ දී නව රජය සමඟ කටයුතු කිරීමට අමෙරිකානු රජයේ කැමැත්ත ඔහු වෙත පළ කරන ලදී. පැහැදිලිවම, තව බොහෝ දේ කළ යුතු වේ. ශ්‍රී ලාංකිකයන්ගේ අභි‍යෝගවලට මුහුණ දී, ශ්‍රී ලංකාවට සිය සැබෑ විභවය ළඟා කර ගැනීමේ දී හවුල් කරුවෙක් ලෙස කටයුතු කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානමින් සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා