කේ. පී. යුද අධිකරණයට ගෙනැවිත් පරීක්ෂණයක් ආරම්භ කරන්න

කේ. පී. යුද අධිකරණයට ගෙනැවිත් පරීක්ෂණයක් ආරම්භ කරන්න

ජවිපෙ නඩුවක් ගොනු කරයි

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. යුද අධිකරණයට පමුණුවා යුද අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

මෙම නඩුව පසුගියදා පැවරූ බව සඳහන් කළ ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල නායකයා ලෙස තවමත් කටයුතු කරමින් සිටිමින් රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළම රැකවරණය ලැබූ ත්‍රස්තවාදියා කේ. පී .බව ද පැවැසීය.

කේ.පී නැමැත්තාට සිංගප්පූරුවේ සිටි බැංකුවේ ඇමරිකානු ඩොලර් 310,000 ගිණුමක් තිබූ බවත් ඔහු මැලේසියාවේ වික්රම් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කර ඇතැයි සඳහන් කළේය.

එසේම මෙම කුමරන් පද්මනාදන් නැමැත්තා නම් 24කින් පෙනී සිටි ඇති අතර විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරමින් රටවල් 32ක නීතිවිරෝධී කටයුතුවල යෙදී ඇත. ඔහු විසින් කලිද්සයිද් මොහොමද්, තම්බයියා, සෙල්වරාජ්, කුට්ටිමාස්ටර්, ෂන්මුගන් කුමාරන්, ධර්මලිංගම් කුමාරන්, තර්මලිංගම් වැනි නම් භාවිතා කරමින් ජාත්‍යන්තර අපරාධවල නියැලී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨයා පැවැසීය.

මෙයට අමතරව ශ්‍රී ලංකාව ස්විස්ටර්ලන්තය, මැලේසියාව, ඊජිප්තුව, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවල් 17ක ග මන් බලපත්‍ර ඇති බව පෙන්වා දෙන එම ජ්‍යෙෂ්ඨයා උතුරේ කොටි පරාජයත් සමඟ කේ.පී. හරහා ලබා ගත් රුපියල් කෝටි දොළොස් දහස් හාරසිය අසුවකට වඩා මුදලක් රාජපක්ෂ කෙනෙකුගේ නමින් කැලිෆෝනියාවේ බැංකුවක මුලින් තැන්පත් කර පසුව එම මුදල් එයින් ඉවත් කර මැලේසියානු බැංකුවක තැන්පත් කර ඇතැයි ද පැවැසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා