මහා පරිමාණ දූෂණ සෙවීමට විශේෂ විනිශ්චය සභා

මහා පරිමාණ දූෂණ සෙවීමට විශේෂ විනිශ්චය සභා

පසුගිය රජය සමයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ වංචා අක්‍රමිකතා සොයා බැලීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අමතරව විශේෂ විනිශ්චය සභා පත් කිරීමටත් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීමටත් රජය තීරණය කර තිබේ.

මේ විශේෂිත විනිශ්චය සභා මඟින් ඉතාමත් විශාල දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන අතර එම ක්‍රියාවන්ට සෘජුව සම්බන්ධ හෝ හවුල් අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන ලෙස පිහිටුවීමට නියමිත බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් බරපතළ ගැටලු රැසක් මතුව තිබීමත්, සමහර කරුණු සම්බන්ධයෙන් නීතිමය හිමිකමක් නොමැතිකමත් හේතුවෙන් පුළුල් බලතල සහිතව ස්වාධීන ආයතන ලෙස මෙම විශේෂ විනිශ්චය සභා පත්කිරීමට රජය තීරණය කර ඇත.

මෙම විශේෂ විනිශ්චය සභා දින 100 වැඩපිළිවෙළට අයත් ප්‍රමුඛ කාර්යයක් වන අතර ස්වාධීන කොමිසන් සභා ඇති කර එයට අදාළ පත්වීම් ඉදිරියේ දී සිදුකිරීමට රජය තීරණය කර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා