‘මිස්ටර් ශ්‍රී ලංකා’ කිරුළ කටානේ සනත් මංජුලට

‘මිස්ටර් ශ්‍රී ලංකා’ කිරුළ කටානේ සනත් මංජුලට

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධාන කළ 67වැනි ජාතික අයෝමය ශූරතාවලියේ 'මිස්ටර් ශ්‍රී ලංකා' කිරුළ කටානේ පවර් මෑන් ක්‍රීඩා සමාජයේ සනත් මංජුලට හිමිවිය. කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඉතා උණුසුම් අයුරින් පැවැති මේ ප්‍රධාන තරග අංශයේ දෙවැනි ස්ථානය ආර්.එන්.සී.ෆිට්නස් මධ්‍යස්ථානයේ ධනුෂ්ක කුමරප්පෙරුම දිනාගත් අතර තෙවැනි ස්ථානය වත්තල ඇචලස් කායවර්ධන මධ්‍යස්ථානයේ කේ.එන්.ඒ.පද්මසිරි දිනාගත්තේය.

ක්‍රීඩකයන් 130කගේ සහභාගිත්වයෙන් පැවැති මේ ජාතික ශූරතාවලිය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් එම්.අයි.එම්.රෆීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මිස්ටර් ශ්‍රී ලංකා ශූරතාව දිනාගත් සනත් මංජුලට රුපියල් ලක්ෂයක්ද, ෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත් ක්‍රීඩකයින්ට රුපියල් 50000ක් හා රුපියල් 25000ක් ද පිරිනැමුණි. සෑම තරග අංශයකින්ම ජයගත් ක්‍රීඩකයන්ට මුදල් තෑගි හා කායවර්ධන කට්ටලය බැගින් පිරිනැමීම මෙවර විශේෂත්වයකි.

තරග ප්‍රතිඵල මෙසේය- ක්‍රි.ග්‍රෑ 55-1.චරිත් කුමාර (යුද), 2.නිලංග හේවාවසම් (යුද), 3.එන්.ඒ.පී.ප්‍රනාන්දු පුල්ලේ (පවර් මෑන් කටාන)

ක්‍රි.ග්‍රෑ 60- 1.ඩබ්ලිව්.ඩී.සී.ඩයස් (නාවික), 2.ආර්.බී.‍තෙන්නකෝන් (ගුවන්), 3.ධනුෂ්ක ජයසිංහ (ගුවන්)

ක්‍රි.ග්‍රෑ 65- 1.රසික ලසන්ත (මන්ලි පවර් ගොඩගම), 2.සුමින්ද චාමර (ලයිෆ් ටයිම් තලවතුගොඩ), 3.සුරේෂ් කරුණාතිලක (ගුවන්)

ක්‍රි.ග්‍රෑ 70- 1‍.ලසන්ත ෆොන්සේකා (ගුවන්), 2.ජිතේන්ද්‍ර පෙරේරා (ට්‍රිවිස් මහරගම), 3.අමිල වසන්ත (සිනා ෆිට්නස්)

ක්‍රි.ග්‍රෑ 75- 1.එන්.ඒ.පද්මසිරි (ඇචලස් වත්තල), 2.චමින්ද පීරිස් (ගුවන්), 3.මධුක ශිවන්ත (මිලේනියම් මාතර)

ක්‍රි.ග්‍රෑ 80- 1‍.ජී.කේ.මගනාරච්චි (යුද), 2.ආර්.ඒ.ධනුෂ්ක (ගුවන්), 3.ආර්.කේ.ජයවර්ධන (නාවික)

ක්‍රි.ග්‍රෑ 85- 1.ධනුෂ්ක කුමාරප්පෙරුම (ආර්.එන්.සී ෆිට්නස්), 2.උදාර මෙන්ඩිස් (ගුවන්), 3.මධුක සමීර (මාස් යුනිචෙලා)

ක්‍රි.ග්‍රෑ 85ට වැඩි- 1.සනත් මංජුල (පවර් මෑන් කටාන), 2.සිසිර කුමාර (ගුවන්), 3.අසංක නන්දන (මෙගා පවර් හෝමාගම)

කනිෂ්ඨ අයෝමය ශූරයා- 1.අමිල සුගත්සිරි (පවර් මෑන් කටාන), 2.නාමල් පෙරේරා (හිට් හාඩ්), 3.මහේෂ් මල්ෂාන් (බොඩි පවර් රද්දොලුව)

ක්‍රි.ග්‍රෑ 45ට වැඩි- 1.නොයෙල් ප්‍රනාන්දු පුල්ලේ (පවර් මෑන් කටාන), 2.ඉන්දික නිශාන්ත (ඩී.එම්.සී දෙහිවල), 3.සුදත් රාජපක්ෂ (ආනල් ෆිට්නස් මීගමුව)

මිස්ටර් ශ්‍රී ලංකා ශූරතාව දිනූ සනත් මංජුල (මැද), දෙවැනි ස්ථානය දිනූ ධනුෂ්ක කුමාරප්පෙරුම හා තෙවැනි ස්ථානය දිනාගත් කේ.එන්.ඒ.පද්මසිරි කායවර්ධන සභාපති කපිල කුමාර මහතා ඇතුළු නිලධාරීන් සමග.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා