අධ්‍යක්ෂ ජෙනරාල් පුටුවට රංජනී ආයුබෝවන් කියයි

අධ්‍යක්ෂ ජෙනරාල් පුටුවට රංජනී ආයුබෝවන් කියයි

ක්‍රීඩා අධ්‍යාක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය අද සිය ධූරයෙන් සමුගත්තාය. 2011 අප්‍රේල් මාසයේ සිට වසර 4කට ආසන්න කාලයක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ ඇය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරෙන් ඉවත්ව යන්නේ තම ස්ව කැමැත්තෙන් බවත් එයට කිසිඳු බලපෑමක් නොවු බවත් අප කළ විමසුමකදී ජයකොඩි මහත්මිය පැවැසුවාය.

“ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර ඉතාම වගකීමක් ඇති තනතුරක්. හිටපු අමාත්‍යතුමා හා නව ක්‍රීඩා අමාත්‍යතුමා මගේ රාජකාරීවලට කිසිඳු බලපෑමක් කළේ නැ. එය මගේ කාර්ය කිරීමට පහසුවක් වුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු දෙනාම මට හොඳ සහයෝගයක් දුන්නා” ජයකොඩි මහත්මිය පැවැසුවාය.

රංජනී ජයකොඩි මහත්මිය ධූරය දරණ කාලයේ 2013 අංක 01 දරණ ජාතික ක්‍රීඩා සංගම් නි‍යෝග මලාව නිකුත්වූ අතර එය ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ දැඩි කතාබහට ලක්වූහ. එම ක්‍රීඩා සංගම් නියෝග මාලාව අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට වගකීම් රාශියක් පැවැරුණ අතර ක්‍රීඩා සංගම් පිළිබඳ සොයා බැලීම්ද පුළුල් විය.

දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරන රංජනී ජය‍කොඩි මහත්මිය පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාලවල උපාධිකාරිනියකි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා