මහේල සසෙක්ස් පිලට

මහේල සසෙක්ස් පිලට

එංගලන්තයේ විස්සයි20 ප්‍රාන්ත තරගාවලියේ දී සසෙක්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුපිරි පිතිකරු මහේල ජයවර්ධන කැමැත්ත පළ කොට තිබේ. කෙසේවෙතත් ඔහු බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වී සිටින බැවින් සසෙක්ස් පිලට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ ඉතා කෙටි කාලයකි.

ඒ අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියේ වෙන්දේසියේ දී අලෙවි නොවූ මහේලට අයි.පී.එල්. මුහුණුවර යටතේම එංගලන්තයේ පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සසෙක්ස් පිල නියෝජනය කරමින් තරග 7කට ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙවර එංගලන්ත විස්සයි20 තරගාවලියේ දී සසෙක්ස් පිලට ක්‍රීඩා කිරීමට ලැබීම සතුටක් බවත්, එම තරගාවලියේ පළමු භාගයේ දී සසෙක්ස් පිල නියෝජනය කරමින් සිය දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන බවත් මහේල පවසයි.  

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා