ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනපතිගෙන් සුබ පැතුම්

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් ජයග්‍රාහී කණ්ඩායම් අට අතරට තේරී පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම සමග ඊයේ (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවූ ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පිරිනැමූ අතර 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායිද ප්‍රාර්ථනය කළේය.

එමෙන්ම 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර් සංගක්කාරගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔහුට සිය ස්තුතිය පළ කර සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අනතුරුව ස්කයිප් තාණ්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය සුබ පැතුම් පිරිනමා ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා