විපක්ෂ නායකට හදිසි කැක්කුමක්

විපක්ෂ නායකට හදිසි කැක්කුමක්

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට හදිසියේම අවතැන් වූවන් ගැන කැක්කුමක් ඇතිවී ඔවුන් ඉක්මනින්ම පදිංචි කරන්නැයි ඉල්ලා ඇත.

එසේ නම් වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග ඔහු අස්සන් කළ ගිවිසුමට බිම් බෝම්බ ඉවත් කිරීමේ කොන්දේසියක් ඇතුළත් නොකළේ මන්දැයි ජනාධිපති උපදේශක ඒ. එච්. එම්. අස්වර් මහතා ප්‍රශ්න කරයි.

අවතැන්වූවන් යළි පදිංචි කරන ලෙසට කරන ඉල්ලීමේ අර්ථය නම් බිම් බෝම්බවලට බිලි දීමයි. ඒ අනුව අන්තර්ජාතික යුද අධිකරණය වෙත ගෙන යායුතු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවද අස්වර් මහතා කියා සිටී.

උතුරු ප්‍රදේශයෙන් මුස්ලිම් වරුන් එළවා දමද්දී වික්‍රමසිංහ මහතා රටේ අගමැති ලෙස වචනයක් වත් ඒ ගැන කතා කෙළේ නැත. එහෙත් ප්‍රභාකරන් එළවා දැමූ මුස්ලිම් ජාතිකයන් 55000 ක් දින 44 කදී යළි පදිංචි කරවූයේ මහින්ද රාජපක්ෂ මහතා බවද අස්වර් මහතා සිහිපත් කෙළේය.

අස්වර් මහතා මෙම අදහස් පළකෙළේ දකුණේ පැවැති මැතිවරණ හමුවල දීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා