මහනුවර යුගයෙන් පසු ආගම්වලට ඉහළම සැලකිල්ල ලැබුණේ මේ රජයෙන්

මහනුවර යුගයෙන් පසු ආගම්වලට ඉහළම සැලකිල්ල ලැබුණේ මේ රජයෙන්

දකුණු පළාත් සංඝ සංවිධානය පවසයි

බුද්ධාගම ප්‍රමුඛ සියලු ආගම්වලට මහනුවර යුගයෙන් පසු ඉහළම සැලකිල්ලක් ලබා දීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකිවී ඇතැයි අගනුවර වැඩවෙසෙන දකුණු පළාත් සංඝ සංවිධානය ප්‍රකාශ කර සිටී.

ත්‍රස්තවාදය මර්දනය කිරීමෙන් පසු මේ රටේ මත් උවදුර හා පාතාලය මර්දනය කිරීම දකුණු පළාතේ ජනතාව අනුමත කරනවාද යන්න මුළු රට පමණක් නොව මුළු ලොවම බලා සිටින්නේ යැයි ද, කවුරුන් කෙසේ කීවද වෙන කවරදාටත් වඩා මේ රටේ මහා මාර්ග, වරාය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය ආදියේ සංවර්ධනයක් ද ඇති වෙමින් පවතින බවද එම සංවිධානය පෙන්වා දෙයි.

මෙවැනි වාතාවරණයක් යටතේ ජීවන වියදම පහත වැටේවි යැයි පවසන දකුණු පළාත් සංඝ සංවිධානය දකුණු පළාතේ ජනතාව කෘතවේදී බුද්ධිමත් පිරිසක් බව සනාථ කළ යුතුව ඇති බවත් ජාත්‍යන්තරයේ අනවශ්‍ය ඇඟිලිගැසීම්වලින් තොරව ඔවුන්ගේ සහයෝගය පමණක් ලබාගැනීම සඳහා රජයේ හා පළාත් සභාවල ශක්තිමත් බව උපකාර විය හැකි බවත් පවසයි.

බටහිර ආක්‍රමණවලින් පසුව ශශ්‍රී ලංකාව මුහුණ දුන් අතිභයානක ඉරණම වූ එල්. ටී. ටී ඊ.ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට එක්සේසත් කොට ආර්ථික හා සඳාචාරාත්මක වශයෙන් දියුණුව කරා මෙහෙයවන දකුණෙන් බිහි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දකුණු පළාතේ සියලු පුරවැසියන් පක්ෂ භේදයකින් කෘතඥතාව පළ කළ යුතු බව ද දකුණු පළාත් සංඝ සංවිධානය වැඩිදුරටත් දන්වා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා