ක්‍රෙඩිට් කාඩ්වලින් කෝටි 4ක් ගැරූ ඉංජිනේරුවා දැලේ

ක්‍රෙඩිට් කාඩ්වලින් කෝටි 4ක් ගැරූ ඉංජිනේරුවා දැලේ

යුරෝපයේ පදිංචි විදේශික ධනවත් පුද්ගලයන්ගේ ක්‍රෙඩිට්කාඩ්පත් පරිගණක මාර්ගයෙන් වෙනස් කොට ව්‍යාජ ලෙස සැකසු ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගි කරගෙන රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වංචා කළ ඉංජිනේරුවරයකු සහ තවත් අයකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඉංජිනේරුවරයා සතුව තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් 150කට ආසන්න ප්‍රමාණයක් සහ ද්‍රවිඩ ජාතිකයන් සතු විදේශ ගමන් බලපත්‍ර 15ක්ද සොයාගෙන තිබේ.

මේ සැකකරු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනිමෙන් පසු සති කිහිපයක් තිස්සේ කළ පරීක්ෂණවලදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් නිර්මාණය කිරීම සඳහා භාවිත කළ පරිගණක යන්ත්‍ර සහ වෙනත් තාක්ෂණික ආම්පන්න රාශියක්ද සැකකරු සන්තකයේ තිබි සොයාගත් බවත්, මේ සැකකරුගේ විදේශීය සම්බන්ධතා ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා