එජාපය අද ගඳ ගහන තත්ත්වයට ඇවිත්

එජාපය අද ගඳ ගහන තත්ත්වයට ඇවිත්

දකුණු පළාත් හිටපු ජවිපෙ මන්ත්‍රී සේන රත්නායක

2001 න් පසුව එක්සත් ජාතික පක්ෂය සියදිවි නසාගෙන තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ අටවා ගැනීමෙන් අද එක්සත් ජාතික පක්ෂය ලෙස කෙළින් හිට ගැනීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී සේන රත්නායක මහතා පැවැසීය.

රත්නායක මහතා මෙම අදහස් පැවැසුවේ තිහගොඩ බෙන්තිස් හේනේ පැවැති ජනහමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේද කීය. එජාපය අද කූඩුවක හිරවෙලා. පහළින් යන නායකයෙකුට ඉහළ නායකත්වය නියෝජනය කරගන්න විදියක් නෑ. රනිල් තමන්ගේ බූදලයක් වශයෙන් පක්ෂය තබාගෙන තිබෙනවා.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ මෙවැනි නායකයන්ට ඉඩක් නෑ. තුªවාලයක් වුණාම සුවකරගන්නා ලෙස පක්ෂයෙන් මුලින්ම දැනුවත් කරනවා. එය වනයක් වුණාම එය අයින්ම කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් මුළු පළාතම දුඟද හමනවා. එක්සත් ජාතික පක්ෂය ගඳගසමින් ඕජස් ගලන තත්ත්වයට අද පත්වෙලා. තව ටික දවසකින් මේ සැකිල්ල වල දැමීමට සිදුවන බවද ඒ මහතා පැවැසීය.

දකුණු පළාත් සභා අපේක්ෂක සාගර කීර්ති මහතා, එක්සත් ජාතික පක්ෂයේ පහළ පාක්ෂිකයා අද කළ කිරීමෙන් ඉන්නේ. එම නිසා ඒ උදවිය අපේ පක්ෂය වටා එකතුවෙමින් සිටිනවා. මොහොතින් මොහොත යූ.එන්.පී. එක ලාංකීය ජන සමාජයෙන් ඈත් වී යන කෞතුක භාණ්ඩයක් බවට පත්වෙමින් පවතිනවා. පහළ ඉන්න බිම් මට්ටමේ පාක්ෂිකයාගේ හෘද ස්පන්දනය මැනවින් තේරුම්ගත නොහැකි නම් ඕනෑම පක්ෂයකට ගමන් කළ නොහැකි බවද ඒ මහතා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා