සුබසාධන කඳවුරුවල වෙසෙන්නන්ගේ මන්ද පෝෂණය 50% කින් අඩු කරලා

සුබසාධන කඳවුරුවල වෙසෙන්නන්ගේ මන්ද පෝෂණය 50% කින් අඩු කරලා

උතුරේ සුබසාධන කඳවුරුවල ජීවත් වන පුද්ගලයන්ගේ මන්දපෝෂණ තත්ත්වය සියයට 50කින් අඩු කර තිබේ.

ඉතාම කෙටි කාලයකින් ඒ ජනතාව ගේ මන්ද පෝෂණ තත්ත්වය මෙසේ අඩු කිරීමට හැකිවීම රජයේ විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය ආරක්ෂණ පෝෂණ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා කියයි.

දෙසැම්බර් මාසය වන විට සුබසාධන කඳවුරුවල ජීවත් වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය මට්ටම සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය මට්ටමට ගෙන ඒම රජයේ ඉලක්කය බව ඔහු පවසයි. මන්ද පෝෂණය, රෝග නිවාරණය, මාතෘ ළමා සුබසාධන වැඩසටහන් මේ වන විට සහන ගම්මානවල ඉතා ඉහළ මට්ටමෙන් ක්‍රියාත්මක වන බවද, එහි ප්‍රතිඵලයක් ලෙස මේ ගම්මානවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වන බව ද ඒ මහතා කීය.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා