නිවෙසක් කොල්ලකෑමට ගිය සෙබළෙක් අත්අඩංගුවට

නිවෙසක් කොල්ලකෑමට ගිය සෙබළෙක් අත්අඩංගුවට

කුණ්ඩසාල ආයෝජනගම ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගත් හමුදා සෙබළකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා, ඔහුට දැඩිලෙස අවවාද කොට, රුපියල් 3750/- ක දඩ මුදලක් නියම කොට මුදා හැරියේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර සෙබළා සතුව අසභ්‍ය දර්ශන 84 ක් සහිත ජංගම දුරකතනයක් සහ උල් පිහියක් වැනි ආයුධයක් තිබී ඇත. ඉකුත් දින කිහිපය තුළම මෙම ප්‍රදේශයේ අලුයම් කාලයේදී නිවාස වල සොරකම් සිදුවන බවටත්, තරුණියන් සිටින නිවෙස්වල කාමර අසළ කිසියම් පුද්ගලයෙක් හෝ කිහිපදෙනකු ගැවසෙන බවටත් බලගොල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබිණි’

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා