ජනතා තීරණය නිවැරැදියි

ජනතා තීරණය නිවැරැදියි

මව්බිම ආශ්චර්යයේ ජය මාවතට කැඳවාගෙන යාමේ වගකීම දෙවන වරටත් මහින්ද රාජපක්‍ෂ ජනමූල නායකයා වෙත පිරිනැමීම සඳහා මීට වසරකට පෙර මෙරට ජනතාව ගත් බුද්ධිමත් තීරණය අගය කළ යුතුයි.


රට එක්සේසත් කළා

ත්‍රස්තවාදය පරාජය කරමින්, යුද ජයග්‍රහණ ලබමින්, රට එක්සේසත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හැකි වුණා. මේ වන විට එක් රටක්, එක් දේශයක් නිර්මාණය වී තිබෙනවා. දෙමළ පක්ෂවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළා.


නිවැරැදි ජනවරමක්

වසරකට පෙර අද වැනි දිනක නිවැරදි ජනතා වරමකින් අප රටට දායාද වුණු ශ්‍රේෂ්ඨ නායකයකු වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරටේ දෙමළ ජනතාවගේ ආර්ථික හා සමාජයීය දියුණුව වෙනුවෙන් ඉටු කළ මෙහෙය අති විශාලය.


අභිමානවත්ම නායකයා

තමන්ගේ පළමු ධූර කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ දැවැන්ත අර්බුදයක්ව පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරන්නට හැකිවූ එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි.


රටට සාමය උදා කළා

රටේ ජනතාවගේ තිබූ අවිනිශ්චිත බව තුරන් කර රටට සාමය උදා කර දුන් නායකයාගේ අනාගත පාලන කාලයත් රටට සුබ අනාගතයක් උදා වේවි.තිස් අවුරුදු යුද්ධය සාර්ථකව නිමා කිරීමට තම පළමු ධූර කාලයේදීම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හැකි වුණා. එතුමා කියන දේ කරන, කරන දේ කියන උදාර නායකයෙක්. ඒ බව ජනතාව සැබෑ ලෙස දන්නවා.
 


ජනතා විශ්වාස ඉහළයි දුමින්ද සිල්වා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දෙවන වරටත් මේ රටේ ජනාධිපති ධුරයට පත් කර ගනිමින් මේ රටේ ජනතාව එතුමා කෙරේ තැබූ විශ්වාසය ප්‍රශංසනීයයි.  මෙරට ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු නොකළ තරම් විශාල සේවාවක් රට වෙනුවෙන් කළා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා