රහස් පොලිස් වෙසින් පැමිණ රන් බඩු - මුදල් කොල්ලකාලා

රහස් පොලිස් වෙසින් පැමිණ රන් බඩු - මුදල් කොල්ලකාලා

රහස් පොලිස් වෙස් ගෙන එල්. ටී. ටී. ඊ. සංවිධාන සාමාජිකයකු පරීක්‍ෂා කරන මුවාවෙන් ගල්කිස්ස විද්‍යාල පාරේ නිවසකට ඇතුළුවී ගෙහිමි කාන්තාව බියගන්වා රන් ආභරණ, මුදල් හා භාණ්ඩ මංකොල්ලකා පලායමින් සිටි තරුණයන් තිදෙනකු ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරක් මත සිද්ධිය වී පැය දෙකක් ඇතුළත මාර්ගයේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

මෙම පුද්ගලයින් තිදෙනා පානදුර, කෙසෙල්වත්ත, පදිංචි වයස 26, 28, 31 යන වයස් කාණ්ඩවල පසුවන තරුණයින් බව පොලිසිය පවසයි.  පොලිසිය වෙත ලද තොරතුරකට අනුව සිද්ධිය වී පැය දෙකක් ඇතුළත මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන මොවුන් තවත් සිද්ධීන්වලට ද සම්බන්ධ බැවින් රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිස්ස සුගතපාල, පොලිස් සැරයන් 62761 ලලිත්, 4158, තිලකරත්න පො: කො: 67067 නිෂාන් යන නිලධාරීන් විසින් සිදුකරගෙන යනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා