හොර අංක යෙදූ ටිපර් 3ක් මහනුවරින් සොයා ගැනේ

හොර අංක යෙදූ ටිපර් 3ක් මහනුවරින් සොයා ගැනේ

ව්‍යාජ අංක හා ලිපි ලේඛන යොදා මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශයන්හි වැලි ගඩොල් ප්‍රවාහනයට යොදා තිබූ ටිපර් රථ තුනක් සමඟ සැකකරුවන් තිදෙනකු මධ්‍යම දිසා විශේෂ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මහනුවර තැන්නේකුඹුර හා අකුරණ ප්‍රදේශවලදී මෙම වාහන සොයා ගෙන තිබේ.

මෙහි වාහන දෙකක් සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් වෑන් රථයන්හි ලිපි ලේඛන යොදා ඇති අතර ඒවායේ චැසි අංක ඇන්ජින් අංක ලිපි ලේඛන වෙනස් කැර ටිපර් රථ සඳහා යොදාගෙන තිබූ බැව් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වේ.

අත්අඩංගුවට පත් වූ අනෙක් වාහනයේ ද ඇන්ජිම හා දිග පළල ආදිය වෙනස් කැර තිබූ බැව් පොලිසිය පවසයි. මධ්‍යම දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් මහතාගේ උපදෙස් මත මධ්‍යම දිසා විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් පරීක්සණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා