කොටි රට පැටවූ පොලිස් ලොක්කා අත්අඩංගුවට

කොටි රට පැටවූ පොලිස් ලොක්කා අත්අඩංගුවට

පොලිස් දෙපාර්තමේන්තුවේ ලිපිගොනු කොටි සංවිධානයට ලබා දෙමින් කොටි සාමාජිකයන් විදේශ ගතකිරීමට කටයුතු කළ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඊයේ (25) රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මුදල් සහ ශරීර ඇප මත මුදාහරිණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඔහුට ගුවන් ගමන් තහනම් කර තිබේ.

රහස් පොලිසිය මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රහස් පොලිසිය වෙත කැඳවා පැය පහකට වැඩි කාලයක් ප්‍රශ්න කර ඇත. සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් මූලස්ථානයේ වගකිවයුතු තනතුරක් දරමින් සිට ඇති අතර මේ වන විට ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත.

නිත්‍යානුකූ®ල ලෙස පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගත නොහැකි පුද්ගලයන්ට එම වාර්තා ලබා දෙමින් ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනක් මුදල් ලබාගෙන ඇති බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට චෝදනා එල්ල වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා