බන්ධනාගාර ගත පුතාට හෙරොයින් ගෙනගිය මව රිමාන්ඩ්

බන්ධනාගාර ගත පුතාට හෙරොයින් ගෙනගිය මව රිමාන්ඩ්

බන්ධනාගාරගතව සිටින පුතුට හෙරොයින් ග්‍රෑම් පහක් ගෙන ගිය මවක් ලබන මස අටවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියම කළාය. සබන් කැටයක් තුළ හෙරොයින් සඟවා බන්ධනාගාරය ඇතුළට ගෙන යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මව හා දියණිය අත්අඩංගුවට ගෙනතිබේ.

පසුව ඔවුන් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දී අධිකරණ අවසර මත රැඳවුම් නියෝග මත එහි රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මව පුතුට හෙරොයින් ගෙන ගිය බව දියණිය නොදන්නා බවට කරුණු අනාවරණය වීම නිසා ඇය මුදා හරින ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා