නිවසේ කාණුව අපිරිසුදු යැයි රුපියල් 10,000ක් දඩ ගහලා

නිවසේ කාණුව අපිරිසුදු යැයි රුපියල් 10,000ක් දඩ ගහලා

හතරලියද්ද දුංකුඹුර ප්‍රදේශයේ නිවසක කානුවක් අපිරිසුදුව තබා ගත් පුද්ගලයකු හතරලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රු. 10,000/- ක දඩයක් නියම වී ඇත.

මේ අතර පෙරේදා (24) සහ ඊයේ (25 දා) හතරලියද්ද දුංකුඹුර - ගංඉම ආදී ප්‍රදේශවල කසල පිරී අපවිත්‍රව ඇති ස්ථාන ශ්‍රමදාන මගින් පිරිසුදු කිරීම හතරලියද්ද පොලිස් ස්ථානාධිපති පො. ප. සම්පත් තුෂාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා