පොලිස් වෙස්ගෙන කොල්ල කල්ලියක් මෙහෙය වූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

පොලිස් වෙස්ගෙන කොල්ල කල්ලියක් මෙහෙය වූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

* ගෝලයෝ 4ක්ද පොලිස් දැලේ

* ලක්‍ෂ 6ක රන් අබරණ සොයා ගනී

පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයන් රවටා ඔවුන් මාර්ගයෙන් විවිධ සබඳතා ඇති කැර ගනිමින් රටපුරා ක්‍රියාත්මක වු මහා පරිමාණ කොල්ල කල්ලියක් මෙහෙයවූ මහා පරිමාණ ව්‍යාපාරිකයකු හා ඔහුගේ ගෝලයන් සිවු දෙනකු මධ්‍යම දිසා විශේෂ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ හයක පමණ රන් භාණ්ඩ තොගයක්ද සොයාගෙන තිබේ.

මධ්‍යම දිසා විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසකට ලැබුණ තොරතුරක් මත මෙහි පරීක්‍ෂණ ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. බලගොල්ල , හම්බන්තොට, ඇල්පිටිය, ජාඇළ ආදී ප්‍රදේශයන්හි මේ කොල්ලකල්ලිය මහා පරිමාණයෙන් කොල්ලකෑම් සිදු කැර ඇතැයි අනාවරණය වී තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර තවත් භාණ්ඩ රැසක්ද සොයා ගැනීමට නියමිතය.

මධ්‍යම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් මහතාගේ උපදෙස් මත මධ්‍යම දිසා විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන එම් රෆියිකු , ආර්. සමරනායක , චින්තක බණ්ඩාර උපපොලිස් පරීක්ෂක ධම්මික ඇතුළු නිලධාරිහු පිරිසක් පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා